gossip lanka

රවී කරුණානායකට යළිත් සිතාසි

2002 වසරේ ස.තො.ස ආයතනයට සහල් මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින එහි හිටපු සාමාන්‍යාධිකාරි විමල් පෙරේරා මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවේ සාක්ෂි දීම සඳහා එවකට වෙළඳ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ
ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06) සිතාසි නිකුත් කළේය.

ආනයනික සුදු කැකුළු සහල් විකිණිමේ ක්‍රියාවලියේදී මිල දර්ශනයට පටහැනිව සහල් මෙට්‍රික්ටොන් දාහක් විකිණිමට නියම කර රුපියල් මිලියන 4ක් රජයට පාඩු කළැයි මෙම නඩුව සතොස වැඩබැලු හිටපු සාමාන්‍යධිකාරී සුනිල් නිලේෂියස් විමල් පෙරේරා යන අයට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවක් සම්බන්ධයෙන් මෙසේ සිතාසි නිකුත් කර තිබේ.

මෙම සිද්ධියට අදාලව එවකට වෙළෙඳ ඇමැතිව හිටපු රවී කරුණානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඈන් වින්ද්‍යා ප්‍රනාන්දු යන අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්නාය.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් පිළිගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙම නියෝගය කළ අතර එම නඩුවේ තවත් සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින ස.තො.ස ආයතනයේ හිටපු සභාපති ලාල් වික්‍රමතුංග මහතාට ද එදින සාක්ෂි දීම සඳහා පෙනී සිටින්නැයි දන්වා තවත් සිතාසියක් නිකුත් කරනු ලැබීය.


gossip lanka