gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පතිට දින 14ක් කල් දෙයි..

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 09/07 පස්වරුවේ ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය.

රැස්වීම ආරම්භයේදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ගරු කථානායක කරු ජයසුරිය මැතිතුමා
අවධාරණය කලේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිසන් සභා බිහිකිරීමේ ප්‍රධානතම පරමාර්තය මහජනතාවට සමීප මූලික ආයතන දේශපාලනයෙන් වියුක්තව කටයුතු කරන බවට තහවුරු කිරීම බවයි.

අද දින රැස්වීමේ දී ස්වාධින කොමිසන් සභාවන් විසින් ඉදිරිපත් කර තිබූ වාර්ථාවන් සහ ඒ ඒ කොමිසන් සභාවන්හි පැන නැගී ඇති පරිපාලනමය ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය.

විශේෂයෙන්ම ජාතික පොලිස් කොමිසන් සභාවේ සභාපතිවරයා හා සියළු සාමාජිකයන් ද පොලිස්පතිවරයාද කැදවා එම දෙපාර්ශවය අතර කටයුතු කිරීමේ දී මතුව ඇති ගැටළු පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කල අතර, දැනට නොවිසදී ඇති සියලු ගැටළු දින 14 ක් තුල සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී ජාතික පොලිස් කොමිසන් සභාවට සහ පොලිස්පතිවරයාට දැනුම් දෙන ලදී.

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වකීය නිළ කාලය අවසන් වන ඒ ඒ ස්වාධීන කොමිසන් සභාවන් සඳහා නව සාමාජිකයන් පත් කල යුතු ආකාරය පිළිබඳවද අද දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය විය.

– කථානායක මාධ්‍ය අංශය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka