gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔක්: 1 සිට දුම්රිය ගාස්තුත් ඉහළට

ශ්‍රී ලංකා දුම්රිය සේවය, ලබන ඔක්තෝබර් මස 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දුම්රිය ප්‍රවේශපත් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබේ.

එසේ වුවද, අවම ගාස්තුව වූ රුපියල් 10 ප්‍රවේශපත් ගාස්තුවේ වෙනසක් නොවූවද එමඟින් ගමන් කළ
හැකිව තිබූ කිලෝමීටර් 9ක දුර ප්‍රමාණය කිලෝමීටර් 7 දක්වා අඩු කර ඇත.

ප්‍රතිශෝධන ගාස්තු අනුව මෙතෙක් රුපියල් 205ක් වූ ‘කොළඹ කොටුව – බදුල්ල’ තුන් වැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 275 දක්වාද, රුපියල් 110ක්ව පැවැති ‘කොළඹ කොටුව – මහනුවර’ තුන් වැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 140 දක්වාද, රුපියල් 105ක්ව පැවැති ‘කොළඹ කොටුව – ගාල්ල’ තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 135 දක්වාද, රුපියල් 130ක්ව පැවැති ‘කොළඹ කොටුව – මාතර’ තුන් වැනි පන්තියේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 170 දක්වාද, රුපියල් 320ක්ව පැවැති ‘කොළඹ කොටුව – යාපනය’ තුන් වැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 350 දක්වාද ඉහළ නංවා තිබේ.

මීට සාපේක්ෂව 2 වැනි හා 1 වැනි පන්ති ප්‍රවේශ පත්‍ර ගාස්තු, නිදන මැදිරි ප්‍රවේශ පත්‍ර ගාස්තු, නගරාන්තර දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සහ පාර්සල් ගාස්තුද ඉහළ නංවා තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසරේ පමණක් රුපියල් කෝටි 670ක පාඩුවක් ලබා ඇති අතර මෙසේ ගාස්තු වැඩි කර ඇත්තේ වර්ෂ 8කට පසුව බවද එහි වාණිජ අධිකාරි එම්.ජේ. ඉඳිපලගේ මහතා පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka