gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වී.කේ.ට එරෙහිව මීතොටමුල්ලෙන් පෙත්සමක් !

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ විමර්ශන වාර්තාවට අනුව වරදකරුවකුව සිටින කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා යළි සේවයේ පිහිටුවීමට විරෝධය දක්වමින් අගතියට පත් මීතොටමුල්ල ජනතාව ජනපතිවරයාට හා අගමැතිවරයාට ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ.

අදාළ වාර්තාවට අනුව හිටපු පළාත් ආණ්ඩුකාර
කේ.සී.ලොගේෂ්වරන් මහතා විසින් ඉකුත් මාර්තු මස 02 වැනිදා අනුර මහතාගේ වැඩ තහනම් කරනු ලැබිණි.

පසුව පසුගිය අගෝස්තු 06 වැනිදා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් ඔහුව යළි සේවයේ පිහිටවනු ලැබ තිබේ.

කෙසේවුවද, විමර්ශන කොමිසම පසුගිය පෙබරවාරි 06 වැනිදා ජනාධිපතිවරයාට බාරදී තිබූ වාර්තාව මගින් කොළඹ නගර සභාව කසළ බැහැර කිරීම විධිමත් වැඩපිළිවෙළක් අනුව නොකළ බවට වාර්තා කර තිබිණි.

එසේම, වසර 2015- 2016 දී කොළොන්නාව සහ මීතොටමුල්ල ප්‍රදේශවල අප ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පුද්ගලික සමාගම්වලට ගෙවනු ලබන මුදල් ප්‍රමාණයේ අසාමාන්‍ය වැඩිවීමක් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ දැක්විණි.

එම වාර්තාවට අනුව කොළඹ මහනගර සභාව විසින් වෙන් කරන ලද වියදම් ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, 2014 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව කොළඹ මහ නගර සභාව විසින් 2015 දී සහ 2016 දී පිළිවෙළින් රුපියල් මිලියන 64 ක් සහ රුපියල් මිලියන 182 ක් සහ රුපියල් මිලියන 232 ක් ගෙවා ඇති බව දක්වා තිබිණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka