gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද - රනිල් අද විදෙස් ගත වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අද (10) පෙරවරුවේ වියට්නාමය බලා පිටත්වීමට නියමිතය.

ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සහභාගී වන අතර කලාපීය අනාගත ආර්ථික පූරෝකථන, ප්‍රවණතා සහ අභියෝග පිළිබඳව සමුළුවේ දී අවධානය යොමු කරනු ඇත.

ආසියන් රටවල නායකයින්ගේ සාකච්ඡා මණ්ඩපයක්
ද එහිදී පැවැත්වෙනු ඇත.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගී වෙති.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා අද (10) දහවල් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට යන්නේ භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ විශේෂ ආරාධනාවක් අනුවය.

හිටපු ජනාධිපතිවරයා මේ සංචාරයේ දී එරට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනකු ද හමුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka