gossip lanka

ලෝයර් නෝනා බුදුරුව ඇති සාරියක් ඇඳ උසාවියට

යාපනය දිසා අධිකරණයේ නීතිඥවරියක් බුදුරුව සහිත සාරියකින් සැරසී අධිකරණයට පැමිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නීතිඥවරිය අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය අද (13) ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.

මේ නීතිඥවරිය අධිකරණයේ රාජකාරී සඳහා ඊයේ (12) පැමිණ ඇත්තේ මෙම සාරියෙන් සැරසී වන අතර ඒ බව අධිකරණයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් විසින් යාපනය මුලස්ථාන පොලිසිය වෙත
දැනුම් දීමෙන් පසුව එම නීතිඥවරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට යාපනය පොලසිය තීරණය කර ඇත.

ඒ අනුව මේ ක්‍රියාව සම්බන්ධයෙන් ගත යුතු පොලිස් ක්‍රියා පටිපාටිය පිළිබඳව යාපනය පොලිසිය ඉහල පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.


gossip lanka