gossip lanka

හීන තිබුණට කෝටියක් : ලැබුණෙ පොඩි පුටු පේළියක් !

බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට අවශ්‍ය පුටු මාස දෙකක් ඇතුළත දේශීය ආයතනයකින් ලබාගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හය හමාරකට ආසන්න වටිනාකමින් යුත් පුටු ගෙන්වීම සම්බන්ධයෙන් පසුගියදා දැඩි කතා බහක් ඇති වූ අතර, පසුව දෝෂ ගණනාවක් පැවතීම හේතුවෙන්
එම ඇණවුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පියවර ගත්තේය.

කෙසේ වෙතත් රුපියල් 644,000 ක මුදලක් එක් පුටුවක් සඳහා වැය වන බවට සඳහන් කර තිබුණද, ඊට නියමිත බදු එකතු වූ විට පුටුවක මිල රුපියල් 844,000 ක් වන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නානායක්කාර මහතා අනාවරණ කළේය.

මෙම වටිනා පුටු ස්පාඤ්ඤයෙන් ඇණවුම් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පසුගියදා පියවර ගැනීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනුම් දී, ඒ පිළිබඳව සෙයා බලා එම පුටු ඇණවුම තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

මේ වන විට බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට අවශ්‍ය පුටු මිලදී ගැනීමේ කර්තව්‍ය මාස දෙකක් තුළ නිම කිරීමට උපදෙස් ලැබී තිබේ.




gossip lanka