gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණක් යයි වෙළදුන් කියති..

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝවක් උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක් පනවා ඇතත් එම පාලන මිලට ප්‍රමිතියෙන් ඉහල තිරිගු පිටි පාරිභෝගිකයන්ට ලබාදිමට නොහැකි බව පිටි තොග සහ සිල්ලර  වෙළදුන් අවධාරණය කරයි.

තිරිගු පිටි සමාගම විසින් වෙළදපොලට තිරිගු පිටි
වර්ග කිහිපයක් නිකුත් කර ඇති බවත්, පාන්,රොටි සහ කේක් වර්ග වලට ප්‍රමිතියෙන් ඉහල  තිරිගු පිටි වර්ගයකුත් , ප්‍රමිතියෙන් බාල තිරිගු පිටි වලින් බේකරි ආහාර පාන  නිෂ්පාදනය  කල නොහැකි බවත් , තිරිගු පිටි අලෙවි නියෝජිතයන් කියා සිටියි.

මෙම පාලන මිල හමුවේ තමන්ට සිදු වන්නේ ප්‍රමිතියෙන් බාල තිරිගු පිටි පමණක් තොග සහ සිල්ලර මිලට අලෙවි කිරිමට බවයි තිරිගු පිටි වෙළදුන් කියා සිටින්නේ.

තිරිගු පිටි කිලෝවක් සදහා උපරිම සිල්ලර  මිලක් රජය මගින් පැන වුවද වතුකරයේ වෙළදසැල් වල තවදුරටත් ප්‍රමිතියෙන් ඉහල තිරිගු පිටි කිලෝවක් රු 100 කට අලෙවි කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka