gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුත්තලමේ පවුල් දහඅටදහසක් නියඟයෙන් අනාතයි !

පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක පවුල් 18,836 ක පුද්ගලයින් 62,528 ක් නියගය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි.
මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් බොහෝමයක් සිදී ගොස් ඇති අතර, වගා බිම්ද පාළු වන්නට පටන් ගෙන ඇත.

නියගය වැඩි වශයෙන් බලපා ඇත්තේ
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයටය.

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7,197 ක පුද්ගලයින් 22,694 ක්ද, පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6,967 ක පුද්ගලයින් 22,505 ක්ද,මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4,165 ක පුද්ගලයින් 15,860 ක්ද පීඩාවට පත්ව සිටී.

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 320 ක පුද්ගලයින් 950 ක්ද, නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 122 ක පුද්ගලයින් 361 ක්ද, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 65 ක පුද්ගලයින් 212 ක්ද නියගය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවද ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් නවගත්තේගම, කරුවලගස්වැව, වනාතවිල්ලුව සහ පල්ලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාවට පානීය ජලය බෙදා දීම මේ වන විට ආරම්භ කර ඇත.

මුන්දලම සහ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පානීය ජලය බෙදා දීම ඉදිරි දින කීපය තුළ ආරම්භ කිරීමට කටයුතු කරන බවද අපදා සහන සේවා ඒකකය සදහන් කරයි.

මේ අතර නියගය හේතුවෙන් පීඩානට පත්වී සිටින පවුල් 45,000 ක් සදහා වියලි සලාක ලබා දීම සදහා වූ අනුමැතියද මේ වන විට ඉල්ලා ඇති බවද පුත්තලම දිසා ලේකතම් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka