gossip lanka

ගවයෙකු ප්‍රදර්ශනය කිරීමෙන් පසු මස් කිරීමට යයි

යාපනයේ ස්ථාන ගණනාවක මේ දිනවල අරුම පුදුම ගවයකු ප්‍රදර්ශනය කොට පිරිසක් මුදල් හම්බ කරන අතර ඊට යාපනයේ සංවිධාන ගණනාවකින් විරෝධය පළ වී තිබේ.

ගවයා ප්‍රදර්ශනය කරන සංවිධායකයෝ කියා සිටින්නේ මේ ගවයාගෙන් අලියකුගේ, ගවයකුගේ හා එළුවකුගේ ශරීර ලක්‍ෂණ දැකිය හැකි බවයි.

එක් අයකුගෙන් රුපියල් සියය බැගින් අය කරමින්
මෙම අරුම පුදුම ගවයා පසුගිය 10 වැනිදා සිට යාපනයේ විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන අතර යාපනයේ බොහෝ සංවිධාන විරෝධය පළකොට සිටින්නේ ගවයා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් නොව ප්‍රදර්ශනය අවසානයේදී වැඩිම ඉල්ලුම්කරුට ගවයා මස් පිණිස විකිණීමට සංවිධානයකයන් ගෙන ඇති තීරණය නිසාය.

අරුම පුදුම ගවයා ප්‍රදර්ශනය කරන්නේ හින්දුන් නොවන පිරිසක් වන අතර යාපනයේ අවිහිංසා පදනම, සත්ත්වවේදීන්ගේ සංගමය හා ශිව සේනා සංවිධානය ප්‍රදර්ශනය අවසානයේදී ගවයා මස් පිණිස අලෙවි කිරීම කෙරෙහි විරෝධය පළකොට තිබේ.

මේ ගවයා ඇති කිරීම සඳහා ප්‍රදර්ශනය අවසානයේදී තමන් වෙත ලබාදෙන මෙන් සංවිධාන ඉල්ලීමක් කොට ඇතත් සංවිධායක තරුණයන් පවසා ඇත්තේ එම ගවයා ඉතා දරුණු බැවින් මස් පිණිස මිස හදාවඩා ගැනීමට ලබා නොදෙන බවයි.

මේ ප්‍රකාශයෙන් පසුව යාපනයේ සංවිධාන එම අරුම පුදුම ගවයා ආරක්‍ෂා කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිති.

gossip lanka