gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''ආවා ගෲප්'' කල්ලියෙන් පළාතට විශාල අභියෝගයක් නෑ

යාපනයේ  ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලියෙන් පළාතට විශාල අභියෝගයක් නොමැති බවත් පසුගිය කාලයේ මෙම කල්ලිය ප්‍රබල වූ අවස්ථාවේදී යාපනයේ ආරක්ෂක අංශවලට දින දෙකකදී ඔවුන්ව මර්දනය කිරීමට හැකි වූ බවත් යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

සේනාංක ආඥාපතිවරයා යාපනයේ මාධ්‍යවේදීන්ට ඊයේ (20) මේ බව පැවසුවේ යාපනයේ පලාලි යුදහමුදා මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක්
අමතමිනි.

යාපනයේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන ඕනෑම අවස්ථාවකදී යුද හමුදාව සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සදහා බැදී සිටින බව ප්‍රකාශ කළ ආරක්ෂක සේනාංක ආඥාපතිවරයා ''ආවා ගෲප්'' කල්ලිය හෝ වෙනත් කල්ලි මර්දනය කිරීමට යුදහමුදාව කටයුතු නොකරණ බවද කියා සිටියේය.

පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම කටයුතු සිදුකරගෙන යන බව පැවසූ මේජර් ජනරාල්වරයා ඒ ආරක්ෂක අංශ යුද හමුදාවේ සහය ඉල්ලා සිටි අවස්ථාවක යුද හමුදාව සහය ලබා දෙන බවද  කියා සිටියේය.

යුද හමුදාව සිටින්නේ දෙමළ දේශපාලනඥයින්ගේ ආරක්ෂාවට හෝ ඔවුන්ගේ කටයුතු වලට සහය දීමට නොවන බව ආරක්ෂක සේනාංක ආඥාපතිවරයා කියා සිටියේ යාපාන්යේ මාධ්‍යවේදියෙකු නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

යුද හමුදාව විසින්  යාපනයේ හෝටල් පවත්වා ගෙන යමින් මුදල් හම්බ කාර්ණ බවට ඇතැම් දෙමළ මාධ්‍ය තොරතුරු වාර්තා කොට තිබුණද යුද හමුදාව එවැනි හෝටල් පවත්වාගෙන යන්නේ මුදල් හම්බ කිරීමට නොව යාපනයට පැමිණෙන ප්‍රභූවරුන්ට හා යුද හමුදාවේ ප්‍රයෝජනයන්ට  පමණක් බවද මෙහිදී පැවසීය.

ආරක්ෂක අංශ විසින් භාවිතයට ගෙන ඇති යාපනයේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේජර් ජනරාල්වරයා කියා සිටියේ වලිකාමම් පළාතේ ඉඩම් නිදහස් කළ අන්දමටම පියවරෙන් පියවර එම කටයුතු සිදු කෙරෙන බවය.

(දිනසේන රතුගමගේ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka