gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිළිඳු පුතා සමග තරුණ මව ළිං පතුළේ සැඟවෙයි

වවුනියාව උක්කුලාන්කුලම ගම්මානයේ නිවසක් අසල ළිදක තිබී වයස අවුරුදු පහක දරුවකුගේ හා ඒ දරුවාගේ මවගේ මළ සිරුරු දෙකක් 15 දා දහවල් බණ්ඩාරිකුලම පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් සොයගෙන තිබෙනවා.

පොලීසිය විසින් සොයා ගත් මළ සිරුරු දෙක වැඩිදුර
පරීක්ෂණ සදහා වවුනියාව මහ රෝහල වෙත යවා යවා ඇත.

මළ සිරුරු දෙක මියගිය කාන්තාවගේ සැමියා විසින් හඳුණාගෙන ඇති අතර ගම්වාසීන් කියා සිටියේ කාන්තාව පස් හැවිරිදි දරුවාට වස පොවා ඇය එම දරුවාද කැටුව ළිදට පැන ඇති බවයි. නමුත් පොලීසිය පැවසුවේ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කීස්වක් ප්ර කාශ කළ නොහැකි බවයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 33 ක කාන්තාවක් වන අතර ඇයගේ ස්වාමිපුරුෂයා කියා සිටියේ තමන් උදෑසන වැඩට යන විට දරුවන් දෙදෙනා සමග සිය බිරිඳ නිවසේ සිටි බවත් ඇයට සියදිවි හානි කරගැනීමට තරම් හේතුවකුත් නොමැති බවයි. වයස අවුරුදු හතක දරුවා අසළ නිවසකට ගිය පසුව මෙම සිද්ධිය සිදු වී ඇති අතර එය කෙසේ සිදු වූයේදැයි යන්න නිශ්චය වශයෙන් මෙතෙක් හෙළි වී නැත.

වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka