gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගවයන් පහකගේ අයිතිය කියන්න හිමිකරුවන් රැසක් පොලිසියට

සොරකම් කරන ලද ගවයින් පස් දෙනෙකු වැන් රථයක පටවාගෙන යමින් සිටියදී අක්මීමණ පොලිසියට ලැබුන තොරතුරක් අනුව (08) වන දින අලුයම වෑන් රථය පිටුපස හඹාගොස් දඩල්ල ප්‍රදේශයේදි වෑන් රථයට වෙඩි තබා ගවයින් බේරාගෙන තිබේ.

අලුයම තුනට පමණ අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේ මළ ගෙදරක සිටි පිරිසක් වෑන් රථයකට ගවයින් දෙදෙනෙකු පටවාගෙන උඩුගම දෙසට
පලායනු දැක කිහිප දෙනෙක් ඒ පසුපස යතුරුපැදිවලින් ගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු පොලිසියට ගොස් ඇත.පසුව පොලිසිය ගම්වාසින් කිහිප දෙනෙකුද සමග ජීප් රථයෙන් උඩුගම දෙසට යනවිට ඉදිරියට පැමිණි වෑන් රථයකට නතර කරන ලෙසට සංඥා කළද එය නොනවත්වා ධාවනය කිරිම නිසා ජීප් රථයද ආපසු හරවාගෙන වෑන් රථය පිටුපස හඹාගොස් දඩල්ලේදි පොලිස් පරික්ෂකවරයා විසින් සිය රාජකාරි ගිනි අවියෙන් රෝද වලට වෙඩි තබා තිබේ.

එහිදී නතරවූ වෑන් රථයේ සිටි තිදෙනෙකු පලාගොස් ඇති අතර ජිප් රථයේ සිටි ගම්වාසින් සහ ඒ අවට පිරිස්ද එක්ව රියදුරා අල්ලාගෙන ඇත .පිරිස වෑන් රථයේ ගැටගසා සිටි ගවයින් බේරාගෙන ඇති අතර එක් ගවයෙක් මියගොස් ඇත. පසුව ගවයින් සහ වෑන් රථය අක්මිමණ පොලිසිය වෙත ගෙනඑනු ලැබූ අතර වෑන් රථය කළුතර ප්‍රදේශයේ එකක් බවට අනාවරණය කරගෙන ඇත.ගවයින් බේරාගත් පුවත දැනගැනිමත් සමග ගවහිමියන් විශාල පිරිසක් අක්මීමණ පොලිසියවෙත පැමිණෙන්ට වූහ.

අක්මිමණ වැඩ බලන පොලිස් ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා මහතා ඇතුලු නිලධාරින් විසින් මෙම වෑන් රථය අත්අඩංගුවට ගෙන ගවයින් බේරාගෙන ඇත.

සටහන හා ඡායාරූප -සුනෙත් ගාල්ලගේ - ගාල්ල


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka