gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

13 වියැති දැරියක් බිරිඳ කරගත් 37 වියැති එක්දරු පියා හසුවෙයි

නුගේගොඩ ප්‍රදේශයේ දහතුන් හැවිරිදි දැරියක රවටාගෙන හලාවතට රැගෙන ගොස් කෙළසූ බව කියන 37 හැවිරිදි විවාහකයකු ඊයේ (12) අත්ඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසනවා.

තම දියණිය පෙරදින රාත්‍රියේ නිවසින් අතුරුදන්ව විවාහකයකු සමඟ පලාගොස් ඇති බවට ඉකුත් ජුනි මස 16 වැනි දින දැරියගේ මව මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ල පිළිබඳව කඩිනමින් විභාග
නොකළැයි එම දැරියගේ පියා බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් පසුවයි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය එහි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර විවාහකයා සහ දැරිය හලාවත, ඉලුප්පඩිය ප්‍රදේශයේ සිමෙන්ති බ්ලොග් ගල් නිෂ්පාදනය කරන ස්ථානයක නවාතැන් ගෙන සිටින බවට හෙළිවීමෙන් අනතුරුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩයමක් සැකකරු අත්ඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසු ඊට මඳක් දුරින් කුඩා නිවසක සිටි දැරිය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

බෝලොග් ගල් ආයතනයේ හිමිකරුට මෙම දැරිය සිය බිරිඳ ලෙස හදුන්වා දෙමින් එහි නවාතැන් ගෙන රැකියාව කිරීමට අවසර ඉල්ලා එහි සිට ඇති බව සදහන්.

අත්ඩංගුවට ගත් සැකකරුට දස හැවිරිදි දරුවකු ද සිටින අතර ඔහු බිරිඳගෙන් වෙන්වී ජීවත් වන බව බව වාර්තා වෙනවා.

දැරිය රෝහල් ගතකර තිබෙනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka