gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විභාග රාජකාරීවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළට

දරුවන් වෙනුවෙන් කැප කිරීම් සිදු කරන ගුරුවරුන්ගේ පහසුකම් සහ වරප්‍රසාද ඉහළ නැංවීම මිස පහළ දැමීමට තමා කිසිවිටකත් කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

වත්මන් රජය විසින් ගුරුවරුන් ඇතුලු රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීමට පියවර ගත් අතර විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 750 සිට 6500 දක්වා
ඉහළ නැංවීමට පියවර ගත් බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.

පාසල් නිවාඩු සමයේදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බවට පළවී තිබු අසත්‍ය පුවත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පවසමින් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා එම කරුණු කියාසිටියේ ය.

විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහළ දැමීමට පියවර ගන්නා ලෙසට විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට ද උපදෙස් ලබාදී ඇති බව ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka