gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ද්විත්ව පුරවැසි නම් පුංචි ඡන්දෙත් බැහැ

පළාත් පාළන ආයතන නියෝජනය කරන සභිකයන් ද්විත්ව පුරවැසියන් නම් ඔවුන්ටද එකී සභික ධූර දැරීමට නොහැකි බවට වූ ප්‍රතිපාදන පළාත් පාළන මැතිවරණ පනතේ තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය විසින් හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි.

පළාත් පාළන මැතිවරණ අදාළ සිංහල පනතේ එම ප්‍රතිපාදන “ වෙනත් රටකට පක්ෂපාතී නම් සභික ධූර ලැබිය නොහැකි” ලෙසත්, එහි ඉංග්‍රීසි පනතේ “පොදු
රාජ්‍ය මණ්ඩලයෙන් බැහැර රටකට පක්ෂපාතී නම් සභික ධූර දැරිය නොහැකි”ලෙසත් සදහන්ව ඇත.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එවැනි ප්‍රතිපාදනයක් පනතේ ඇති නම් සිංහල පනතේ ඇති අර්ථය බලාත්මක වන බවයි.

එමෙන්ම නාමයෝජනා අවස්ථාවේදී යම් අපේක්ෂකයෙකුගේ ද්විත්ව පුරවැසිභාවය නැමැති නුසුදුසුකම ප්‍රතික්ෂේප කිරීමේ ගැටළුවක් මැතිවරණ දෙපාර්තමේන්තුවට ඇති බවයි.

තමන් ද්විත්ව පුරවැසියකු නොවන බවට ඔහු දිවුරුම් ප්‍රකාශයක් ලබා දිය යුතු බවට වූ නීති මෙම තත්වය වැළැක්වීම සඳහා අලුතෙන් සකස් කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතාගේ අදහසය.

(අනිද්දා)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka