gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධනංජයගේ මහන්සිය අපතේ යයි – තියුණු තරගය නිමා වූයේ මෙහෙමයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගය ලකුණු 78කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම තරගය පරාජයට පත්
වූයේ ඉතා හොඳ සටනකින් පසුව වීම විශේෂයෙන් කැපී පෙණුනා.

ඊයේ උදෑසන කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු රැකීමටයි.

පසුගිය තරගයේ සාර්තක වූ ක්වින්ටන් ඩි කොක් හට ඊයේ තරගයේ දී ස්ථාවර වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු කුමාර ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔහු දැවී ගියේ ලකුණු 2කටයි.

හෂීම් අම්ලා ආක්‍රමණශීලී පිතිහරණයක නිරත වූ අතර ඔහු ලකුණු 59ක් ලබා සිටියදී තිසර පෙරේරාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූවා.

එහෙත් විනිසුරු තීරණය යළි සලකා බැලීම හේතුවෙන් ඔහුගේ දැවීයාම අවලංගු වූවා.

කෙසේ වෙතත් එම සිදුවීමට පසු තිසර පෙරේරා යැවූ ඊළඟ පන්දුවේදී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් හෂීම් අම්ලා දැවී ගියා.

නායක පෆ් ඩු ප්ලෙසිස් දැවී ගියේ ලකුණු 10කට යි. එම කඩුල්ලට ද හිමිකම් කීවේ තිසර පෙරේරා යි.

සිය ක්‍රිකට් ජීවිතයේ පළමු ජාත්‍යන්තර එක්දින තරගයට සහභාගි වූ රීසා හෙන්ඩ්‍රික් දැවැන්ත පහරවල් සමගින් අගනා ශතකයක් වාර්තා කළ අතර ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 102ක් ලබා සිටියා.

හෙන්ඩ්‍රික්ගේ අඩිපාරේ යමින් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ ජේපී ඩුමිනි පන්දු 70ක් තුළ ලකුණු 92ක් ලබාගත්තා. ඔහු දවාගත්තේ ද තිසර පෙර්රා යි.

ඉනිමේ 4 වැනි අර්ධ ශතකය ඩේවිඩ් මිලර් විසින් වාර්තා කළ අතර ඔහු ලකුණු 51කට දවා ගැනීමට ද තිසර පෙරේරා සමත් වුණා.

තරගයේ අවසාන පන්දුවේ දී අකිල ධනංජය විසින් ලකුණු 2ක් ලබා සිටි විලියම් මල්ඩර් දවාගත්තා.

සියළු පන්දුවාර අවසන් වන විට ඇන්ඩිලේ පෙලුක්වායෝ නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.

නියමිත පන්දුවාර 50 අවසන් වන විට කඩුළු 7ක් දැවී ඔවුන් ලැබූ මුලු ලකුණු ගණන 363ක්.

දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ දී ලබාගත් වැඩිම ලකුණු ගණන ලෙස මෙය වාර්තා පොත් අතරට ද එක් වනවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කොට ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා ලකුණු 364ක දැවැන්ත ඉලක්කයක් ලැබී තිබුණා.

පන්දු යැවීමේ දී වැඩිම කඩුළු ලාභියා වූ තිසර පෙරේරා කඩුළු 4ක් දවා ගත්තා.

ළහිරු කුමාර දවාගත් කඩුළු ගණන 2ක්.

අකිල ධනංජය ද එක් කඩුල්ලකට හිමි කම් කීවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ගේ බිඳවැටීම තරගයේ පරාජයට හේතු වූ බව පෙනෙන්නට වූ අතර පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ ලකුණු 10කට යි.

උපුල් තරංග ද සිය ලකුණු සංඛ්‍යාව 19 වෙද්දී දැවී ගියා.

ආක්‍රමණශීලී ලෙස පිතිකරණයට පිවිසුණු කුසල් පෙරේරාට ද ලකුණු 27 සීමාව පසුකර යාමට ඉඩ ලැබුණේ නැහැ.

දකුණු අප්‍රිකානු නායක පෆ් ඩු ප්ලෙසිස් තරගය අතරතුර දී අනතුරකට ලක් වූවා.

තිසර පෙරේරා ලබා දුන් උඩපන්දුවක් රැකගැනීමට යාමේ දී බිම ඇදවැටුණු ඔහුගේ උරහිස යම් ආබාධයකට ලක් වූ අයුරුයි දක්නට ලැබුණේ.

භෞත චිකිත්සකවරයා ද පැමිණ ඔහුව පරීක්ෂා කළ අතර පසුව දකුණු අප්‍රිකානු නායකයාට සිදු වූයේ තරගය හැරදමා ක්‍රීඩාගාරය වෙත යාමටයි.

එතැන් සිට දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළේ සිය නායකයා ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයෙකු බවට පත්ව සිටියදියි.

ලකුණූ 16ක් ලබා සිටි තිසර පෙර්රා විනිසුරු තීරණය නැවත පරීක්ෂා කිරීමක දී දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 31කටත් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 32කටත් දැවී ගියා.

පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා සහ අකිල ධනංජය එක්ව ඉතා අගනා සබඳතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු දල්වමින්.

කෙසේ වෙතත් අකිල ධනංජය ලකුණු 37කට දැවී ගියේ ධනංජය ද සිල්වා එක් අන්තයක තනි කරමින්.

ඉන් පසුව ඉනිමේ බර තනිව කරමතට ගත් ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යයෙන් එක්විය යුතු ක්‍රීඩකයෙක් බව මනාව ඔප්පු කරන්නට වූවා.

එහෙත් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ රුවල බවට පත් වෙමින් ප්‍රේක්ෂක බලාපොරොත්තු දැල්වූ ධනංජය ද සිල්වා ද අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ධනංජයගේ පිත්තේ වැදුණු පන්දුව කඩුළු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් විසින් රැකගත් අතර එය දැවීයාමක් ලෙස සටහන් වූයේ ධනංජය නොදැවී ගිය ක්‍රීඩකයෙකු බවට විනිසුරු නයිජල් ලෝන්ගේ තීරණය යළි සලකා බැලීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තීරණය කිරීමත් සමගයි.

දැවී යනවිට ධනංජය ද සිල්වා ලකුණු 84ක් ලබා සිටි අතර එය ඔහුගේ එක් දින දිවියේ ලැබූ වැඩිම ලකුණු ගණන ලෙස ද වාර්තා අතරට එක් වූවා.

අවසානයේ සුරංග ලක්මාල් ඉවසිලිවන්ත ලෙස ලකුණු රැස්කරමින් පරාජයේ අවමානය මකා ගැනීමට උත්සහයක් දැරුවත් එය ද අසාර්ථක ‍වූයේ ඔහු ද ලකුණු 12කට දැවී යාමත් සමගයි.

තරගයේ අවසාන කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු නොලබාම දැවී ගිය අතර එම කඩුල්ලත් සමග ශ්‍රී ලංකාවට පරාජය උරුම වෙද්දී අනෙක් අන්තයේ සිටි ළහිරු කුමාර නොදැවී ලකුණු 7ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී රැස්කළ ලකුණු ගණන 285ක්.

තරගය නිමා වන විට ක්‍රියාත්මක වෙමින් පැවතුනේ 46 වැනි පන්දු වාරයයි.

මෙම ජයග්‍රහණයත් සමග තරග 5කින් යුතු මෙම තරගාවලියේ තරග 3ක්ම ජය ගනිමින් තරගාවලි ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූවා.

ඒ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී.

ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට ලැබූ 11 වැනි පරාජය ලෙස ඉතිහාසගත වනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka