gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අග්නිදිග සරසවිය යළිත් ඇවිලෙයි

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති එම්.එම්.එම් නජීම් මහතා හෙට (15 දා) සිට නැවත සිය ධුරයේ වැඩ බාර ගනිමින් විශ්ව විද්‍යාලයට පිවිසීම සම්බන්ධයෙන් දැඩිව සිය විරෝධය පල කරන බව එම විශ්වවිද්‍යාපයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

මේ පිළිබඳව කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ  විශ්වවිද්‍යාල තාක්ෂණ පීඨය ඇතුළු පීඨ රැසක ගැටලු රැසක් ඇතිවීමට එම
උපකුලපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතු වූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම ශිෂ්‍ය කමිටුවේ සමාජිකයෙක්,

"මේ නැවත පත්කිරීමට ශිෂ්‍යයන් වගේම දේශකවරුත් විරුද්ධයි. මෙය උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ තීරණයක් සහ මඟ පෙන්වීමක් මත සිදුවන දෙයක්. පසුගිය දවසක රජයේ නාලිකාවක ප්‍රවෘත්ති වෙලාවෙන්  පැය භාගයක් වෙන් කරලා නජීම් මහතාගේ ජීවිතය ගැන වර්ණනාවක් කළා. සුදු චරිතයක් කියලා එහිදී කරේ සම්පූර්ණ බොරුවක්. අනතුරුව නැවතත් විශ්වවිද්‍යාලයට එන්න මඟ පාද ගත්තා. මෙතුමා වසර තුනක් උපකුලපති වෙලා හිටියා. තාක්ෂණ පීඨයක් අරම්භ කළා. අවුරුදු එක හමාරක් වෙනවා.  මේ වන තුරු කිසිම විභාගයකට මුහුණ දීලා නෑ .ඒ සිසුන්ට නොයෙකුත් බලපෑම් තියෙනවා ".

"එතුමා විශ්වවිද්‍යාලයේ ඉන්නේ මාසෙට දවස් දෙකයි. පන්ති තහනම් කිරීම්  250කට ආසන්න සංඛ්‍යාවක් දැනට තියෙනවා. ශිෂ්‍යභාවය අහෝසි කිරීම්  6ක් කරලා තියෙනවා. දේශකවරුන්ගෙන් මෙන්ම සිසුන්ගෙනුත් පළිගන්නවා. ඔවුන්ට එරෙහිව නඩු දානවා. වෛරී හැඟීමෙන් මේ වගකීම දරන්න බෑ. පසුගිය දිනෙක ශිෂ්‍ය නේවාසිකාගාරයට පහර දුන්නා. එතුමා වටේ ඉන්න අය ඒකට සහභාගී වුණ නිසා අපට සැකයි මේක එතුමා කරපු දෙයක්ද කියලා. එතුමා නැවත එනවට විරුද්ධව අපි කළු කොඩි දැම්මා. ඊයේ ඇවිත් ඒවා විනාශ කළා. කොහොම වුණත් ඇමතිතුමාගේ මේ නැවත පත්කිරීම අපි පිළිගන්නේ නෑ. අපට අවශ්‍ය නිදහස් අධ්‍යාපන වටපිටාවක්" යැයි පැවසීය.

මේ අතර විශ්ව විද්‍යාලයේ වත්මන් පාලනය පිළිබඳ විමසීමේදී ඔවුන් කියා සිටියේ, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම විශ්වවිද්‍යාලයේ ගැටලු විසඳීමට යැයි පවසා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකින් අනතුරුව මීට මාස දෙකකට පෙර නිසි බලධාරිනියක් පත්කර එවූ බවයි. කෙසේ වෙතත් ඇගේ පැමිණීමෙන් පසුව තිබූ ගැටලු කිහිප ගුණයකින් වැඩිවී ඇති බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka