gossip lanka

පාසල් සිසුවෙක් බිම්බෝම්බයකට හසුවෙයි

කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේදී ඊයේ (08) සවස පාසල් සිසුවෙකු බිම්බෝම්බයකට හසුව තිබේ.

අනතුරෙන් ඔහුගේ වම් අතට දැඩි තුවාල සිදු වී ඇති අතර වෛද්‍යවරුන් තීරණය කර ඇත්තේ එම සිසුවාගේ වම් අත ඉවත් කිරීමටයි.

කිළිනොච්චියේ මුහමාලේ පළාතේ බිම්බෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයක් හරහා ඔහු ගමන් කරමින් සිටියදී කම්බි වැටක් අතින් පාත් කොට ඉන් රිංගා යාමට
උත්සහ කළ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

පලෙයි පොලිසිය කියා සිටියේ වළලා තිබූ බෝම්බයක් පිපිරීමෙන් මෙසේ තුවාල ලබා ඇත්තේ දාහත් හැවිරිදි ජෙයපාලන් නිරෝෂන් නැමති සිසුවකු බවයි.



gossip lanka