gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පස් අස්සේ රන් යවන ජාවරම් අසුවෙයි !

රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් හෙළි කර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ.
රේගුව විසින් රඳවා ගෙන තිබූ පස් කන්ටේනර් 64කින් ලබා ගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් මෙම ජවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව කියා සිටියි.

නීති විරෝධී ලෙස රන් කැබලි මිශ්‍ර පස් විදෙස්ගත කිරීමේ චෝදනාව මත එම කන්ටේනර්වලට රුපියල් ලක්ෂ 50ක දඩ මුදලක් නියම කර එම අපනයනය කිරීම තහනම් කිරීමට රේගුව පියවර ගෙන තිබේ.

එම සිද්ධියෙන් පසුව තවත් එවැනි ම පස් කන්ටේනර් 15ක් පසුගිය අඟහරුවාදා ඉන්දියාවට අපනයනය කිරීමට සැලසුම් කර තිබියදී රේගුව විසින් රඳවා ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇති බව ද භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

අදාළ කන්ටේනර් 64 නිදහස් කිරීමකින් තොරව තවදුරටත් කොළඹ රේගු අපනයන භාණ්ඩ පර්යන්තයේ රඳවා තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka