gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප බල මණ්ඩල රැස්වීමේ ගුටිබැට හුවමාරුවක් (video)

ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවේදී ඊයේ එහි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ඒ මාවනැල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මේ අවස්ථාවට සහභාගී වන්නැයි ඇරයුම් නොකිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන බල මණ්ඩලය පිහිටුවීම ඊයේ (12) පස්වරුවේ මාවනැල්ල
ප්‍රදේශයේ පුද්ගලික ශාලාවකදී සිදුකෙරුණි.

එය සංවිධාන කර තිබුණේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන අතාවුද සෙනෙවිරත්න සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.එම්.පී. බණ්ඩාර යන මහත්වරුන් විසින්ය.

කෙසේවෙතත් බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට තමන්ට ආරාධනා නොකළ බව පවසමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ එම්.එස්.එම් කාමීල් සහ එම්.ආර්.එම් අසාම් යන මන්ත්‍රීවරුන් දෙදෙනා උත්සවයට සහභාගී වීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.

උත්සව ශාලාවට ඇතුළු වීමට නොහැකි වන ලෙස ගේට්ටුව වසා තිබූ බව වාර්තා වේ.

ගේට්ටුවෙන් පිටත සිටිමින් ඊට විරෝධය පළ කළ එම මන්ත්‍රීරු දෙදෙනා සහ ඔහුගේ ආධාර කරුවන් පසුව උත්සව භූමියේ රැදී සිටින නිදහස් පක්ෂ සාමාජිකයින් අතර ගැටුමකට මැදිවුණි.

එම වීඩියෝව පහතින්,

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka