gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ ආවා ඇතුලු කල්ලි මැඩලීමට විශේෂ හදීසි ඇමතුම් අංකයක්…

යාපනයේ විවිධ නම් වලින් පෙනී සිටිමින් නීතිය හා සාමය බිද දැමීමට කටයුතු කරණ කඩුවලින් සන්නද්ධ කල්ලි වල සාමාජිකයෝ අත් අඩංගුවට ගැනීම සදහා යාපනයේ ජනතාවට පොලීසියට සහය වීම සඳහා විශේෂ වූ හදීසි ඇමතුම් අංකයක් ලබා දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ක් මේ දිනවල යාපනය පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

එම දුරකතන අංකය 076-6093030 වන අතර මේ
දිනවල යාපනයේ වීදිවල ඇවිදින උසස් පොලිස් නිලධාරීන් මේ දුරකතන අංකය සහිතව විස්තර ඇතුළත් පත්‍රිකාවක් ජනතාවට බෙදමින් ඔවුන්ගේ සහයෝගය තව දුරටත් ඉල්ලා සිටියි.

යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත්අඩංගුවට ගැනීම සදහා මහජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබෙන බව පවසන පොලීසිය මහජනතාව විසින් ලබාදෙන තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිණිසත් එම තොරතුරු ඉතා කඩිනමින් ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

ඒ වෙනුවෙන් යාපනයේ උසස්ම පොලිස් නිලධාරියාගේ සිට පහත්ම නිලධාරියා දක්වා වූ පිරිස මේ දිනවල යාපනයේ පාරට බැස තිබේ.

දැඩි ආරක්ෂක පියවරක් යාපනයේ අනුගමනය කොට ඇති අතර පොලීසියේ වාහන නිරන්තරයෙන්ම යාපනය පුරා සෝදිසි මෙහෙයුම්වල නිරත කොට තිබේ.
උසස්ම පොලිස් නිලධාරීන් යාපනයේ වීදිවල ඇවිදිමින් ජනතාව දැනුවත් කරමින් කියා සිටින්නේ කල්ලිවලට හෝ ඔවුන්ගේ සාමාජිකයින්ට කිසි විටකත් උදව් නොකරන ලෙසත් ඔවුන් තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටින විට ඒ පිළිබදව පොලීසිය දැණුවත් කරණ මෙන් යාපනයේ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා ඇත.

එම නිලධාරීන් මහජනතාවගෙන් එම ඉල්ලීම කරණු ලබන්නේ ඔවුන් ළගටම ගොස් බැවින් යාපනයේ ජනතාවට පොලීසිය කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇත.

යාපනයේ උසස් පොලිස් නිලධාරීන් සියළුම දෙනා කියා සිටින්නේ මේ වනවිට යාපනයේ කල්ලි කරුවන් විසින් ඇති කොට තිබූ භීෂණකාරී තත්ත්වය මේ වන විට වැඩි ප්‍රමාණයකින් සමථයකට පත් කොට ඇති බවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka