gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමතිවරුන්ගේ නම් විකුණා මුදල් චංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ සමීපතමයෙකු බවට පවසමින් ජර්මනියේ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචාකළ සැකකරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය විසින් අම්පාර උහන ප්‍රදේශයේදී පෙරේදා(13දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්පාර,
වෑරැන්කැටගොඩ, වළගම්බාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදේශ රැකියා සදහා පුද්ගලයින් පිටත් කර යැවීම සඳහා වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ එකොළහකට අධික මුදලක් වංචා කර ඇති බව මේ වන විට කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම සැකකරු මුදල් වංචා කර රටින් පිටව යෑමට සූදානම් වෙමින් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබූ අතර, ඒ අනුව වහාම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ජර්මනියේ හෝටලක රැකියා අවස්ථා ඇති බවටත්, ඒ සඳහා රුපියල් ලක්ෂ විස්සක මුදලක් අවශ්‍ය බවටත් රැකියා අපේක්ෂිත තරුණයන් දෙදෙනෙක්ට පවසා මොහු අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ එකොළහක මුදලක් ලබාගෙන තිබේ.

මෙම මුදල ලබාගැනීමෙන් පසුව මොහු අදාළ රැකියාව ලබා නොදෙමින් මුදල් වංචා කර තිබුණු අතර, මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශණ මගින් උහන ප්‍රදේශයේදී  සැකකරු අත්අඩංගුවට ගත්තේය.

මොහු තවත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය ඒ සම්බන්ධයෙන්ද විමර්ශණයක් ආරම්භ කර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුඊයේ (14දා) දිනයේදී අම්පාර මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ මස්සිනාකෙනෙක් ලෙස පෙනී සිටිමින් මොහු මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka