gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැඳුම්කර වාර්තාවේ තවත් කොටසක් කතානායකට

වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවලින් පාර්ලිමේන්තුවට මෙතෙක් ලැබී නොතිබූ වෙළුම් කිහිපයක් කථානායක කරූ ජයසූරිය වෙත ලැබී තිබේ.

කථානායකවරයා මීට පෙර අදාළ ලේඛන මන්ත්‍රීවරුන් වෙත නිකුත් කළ හැකිද යන්න සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා තිබිණි.

ඒ අනුවයි එම බැඳුම්කර කොමිසන් වාර්තාවේ
කොටස් කිහිපයක් කථානායකවරයා වෙත ලබාදී ඇත.

ඒ සම්බන්ධයෙන් කථානායකවරයා, නීතිපති ජයන්ත ජයසූරිය සමඟ සාකච්ඡා කර ඇති අතර අදාළ වාර්තා බොහොමයක් නිකුත් කළ හැකි බවට ඔහු දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ ලේඛන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

කෙසේ නමුත් දැනට පරීක්ෂණ ක්‍රියාත්මක හෝ ඉදිරියේදී එලෙස පරීක්ෂණ සිදුකිරීමේ හැකියාවක් ඇති කොටස් පමණක් නිකුත් කිරීමට නීතිපති අවසරය හිමිවී නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka