gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස්නාහිර පළාත් සභාවේ නීති විරෝධී ධූර 05ක් ගැන පැමිණිල්ලක්

විගණකාධිපතිවරයාට අද (13) දිනයේ විශේෂ පැමිණිල්ලක් භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ, බස්නාහිර පළාත් සභාවේ තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් පවතින ගැටළුවක් මුල්කර ගනිමින්. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසන්නේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක,
සභානායක, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක යන තනතුරු නීති විරෝධි බවයි.

හෙතෙම පෙන්වා දෙන්නේ පළාත් සභාවක ධූරධාරීන් වන්නේ අමාත්‍ය මණ්ඩලයේ 05 දෙනා, සභාපති සහ උප සභාපති පමණක් බවයි. නමුත් බස්නාහිර පළාත් සභාවේ ඊට අමතරව ඉහත සඳහන් ධූරයන්ද ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එම ධූරයන් සඳහා ජනතා මුදල්වලින් වරප්‍රසාද ද ලබා දී ඇති බවත් පෙන්වා දුන්නා. ඒ අතරට කාර්යාල, වාහන, කාර්යය මණ්ඩල ආදී වශයෙන් පහසුකම් ලබා දී ඇති බවද සඳහන් කළා.

අද පෙරවරුවේ විගණකාධිපතිවරයාට මෙම පැමිණිල්ල භාරදෙන බවත් ඊට කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා. අදාළ තනතුරු දරණ පුද්ගලයින් වෙනුවෙන් වැය කර ඇති මහජන මුදල් යළි ඔවුන්ගෙන් අයකර ගන්නා ලෙසටයි මෙහිදී ඉල්ලීමක් ද කෙරුණේ.

බස්නාහිර පළාත් සභාවේ පුටු සම්බන්ධයෙන් ද මීට පෙර ගැටළුවක් මතුවුණා. ඒ, නව ගොඩනැගිල්ලේ සවි කිරීම සඳහා එකක් රුපියල් හය ලක්ෂ 40,000ක වටිනාකමෙන් යුත් පුටු 124ක් විදේශයකින් ආනයනය කිරීමට තීරණය කිරීමත් සමගයි. එහෙත් පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි එම තීරණය පසුව අවලංගු කෙරුණා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka