gossip lanka

තායිලන්ත ගුහා සංකීර්ණයේ සිරවූ දරුවන් හා පුහුණුකරු බේරාගැනේ

තාම් ලුආන්ග් නොන් ගුහාවේ සිරවුණු දරුවන් 12දෙනාත් ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුත් පිටතට රැගෙන එමින් වයිල්ඩ් බෝර් පාපන්දු කණ්ඩායම බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කල බව එරට නාවික හමුදාව නිවේදනය කළේය.

ඒ අනුව,ඊයේ (10දා) දිනයේදී ගුහාව වෙත ඇතුළු වූ නේවි සීල් භටයන් ප්‍රමුඛ විශේෂඥ කිමිදුම්කරුවන් 19 දෙනෙකු මෙම මෙහෙයුම සිදුකරමින් දරුවන් සිව්දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු
බේරාගැනීම මේ වනවිට අවසන් කර තිබේ.

තායිලන්තයේ චියෑන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය තුළ සිරවූ දරුවන් 12 දෙනාගෙන් දරුවන් 8 දෙනෙකු හතර දෙනා බැගින් බේරාගැනීම පෙරේදා (9දා) සහ පසුගිය (8දා) සිදුවිය.




gossip lanka