gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෙංකෝලය උස්සන්න ගිය ප්‍රසන්න වරප්‍රසාද කමිටුවට

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති අවස්ථාවේ දී අශෝභන වචන කියමින්, සෙංකෝලය තබා ඇති ස්ථානයට පැමිණ එය රැගෙන යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතා මෙම මස 16දා වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇත.

මන්ත්‍රිවරයාගේ නිදහසට කරුණු දක්වන ලෙස ඉකුත්
සතියේ කාරක සභාව දන්වා තිබිණි.

ලබන සඳුදා වරප්‍රසාද කාරක සභාව වාචික ප්‍රකාශ ලබාගැනීමට අපේක්ෂා කරන බව දැනුම්දී ඇතැයි මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතා පවසයි.

පසුගිය 03දා ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරතවු අවස්ථාවේදී අශෝභන වචන භාවිත කළ බවටත් කතානායකවරයාට තර්ජනය කරමින් බැන වැදුන බවටත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් විරවංශ මන්ත්‍රීවරයාට ද චෝදනා එල්ලවූ අතර එහිදී කතානායකවරයා විසින් විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරු හට දැඩි ලෙස අවවාද කරනු ලැබීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka