gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හික්කඩුවේ ධීවරයින් සොයා ඉන්දියාව සහ මාලදිවයින විශේෂ මෙහෙයුමක් අරඹයි

හික්කඩුවෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා සොයා මාලදිවයින සහ ඉන්දියාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ධීවර දෙපාර්තමේන්තුවේ, සෝදිසි මෙහෙයුම් සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, මෙහෙයුම් සඳහා ඉන්දීය ගුවන් හමුදා යානයක් සහ මාලදිවයින් වෙරළාරක්ෂක අංශයට අයත් යාත්‍රා කිහිපයක් යොදවා ඇති බව ය.

‘සින්දූර් දෙක’ නැමති යාත්‍රාව ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ පසුගිය 14 වැනිදා ය.

එය පසුගිය 29 වනදා සිට ගොඩබිම සමග පැවති සබඳතා ඇනහිට ඇති බව සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

අවසන් වරට සම්බන්ධ වනවිට එම බහුදින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවේ පැවති බව අනාවරණ වී තිබේ.

සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, අදාළ ධීවර යාත්‍රාවේ දෝෂ පැවති බවට දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ය.

මේ අතර අතුරුදන් වූ ධීවරයින් සෙවීම සඳහා නාවික හමුදාවට අයත් ‘සුරක්ෂා’ නෞකාව ඊයේ සිට මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාවික හමුදාව පවසයි.

ඒ, ගාල්ලට නාවික සැතපුම් 310 ක් පමණ දුරින් වූ ප්‍රදේශයකදී මෙම ට්‍රෝලර් යාත්‍රාව අවසන්වරට ගොඩබිම සමග සබඳතා පවත්වා ඇති බවට ලද තොරතුරු මතයි.

මේ අතර අතුරුදන් වූ ධීවරයින් සොයා දෙන්නැයි පවසමින් ගාලු පාර හික්කඩුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක නිරත විය.

ඊයේ පෙරවරුවේ ආරම්භ වූ විරෝධතාව මධ්‍යම රාත්‍රිය වනතෙක් පැවති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්ව ඇත්තේ හික්කඩුව, තෙල්වත්ත සහ තොටගමුව ප්‍රදේශවල පදිංචි ධිවරයින් පිරිසකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka