ඒ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින්.
අමාත්‍යංශ දෙකක කඔ ඇදිල්ල නිසා අසරණ වූයේ මෙරට පාරිභෝගිකයින් බව පෙන්වා දෙන ඔවුන් 6 වැනි දා දහවල් වන විටත් වැඩි මිලට ඉන්ධන මිලදී ගැනීමට මෙරට පාරිභෝගිකයින්ට සිදුවූ බව සඳහන් කර තිබෙනවා.
මෙම සිදුවීම පිළිබදව සළකා බලා මෙරට ප්‍රමුඛම පාරිභෝගික සංවිධානය තමන් යෝජනා කිහිපයක් ජනාෂිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවත් රටේ යහපාලනයක් ස්ථාපිත කිරීම සඳහා වෙහෙසන ජනාධිපතිවරයා ඒ පිළිබදව අවධානය යොමු කරනු ඇතැයි සිය සංවිධානය බලාපොරොත්තුවන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අදාළ ලිපියෙන් පවසනවා.










