gossip lanka

ජීවිතාන්තයටම හිරේ ගිය අයටත් නිදහස

ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබා සිටියදී බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් යුතුව ජීවත්වන සිරකරුවන් නිදහස් කිරීම සඳහා තම රජය මේ වන විටත් අවශ්‍ය කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ  බන්ධනාගාර මූලස්ථානයේ පැවැති බන්ධනාගාර සිරකරුවන් විසින් ලියැවුණු සිපිරිගේ පාමුල කාව්‍ය ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙලට සහභාගි වෙමින්.
මෙම උත්සව සභාවේදී සපිරිගේ පාමුල කාව්‍ය සංග්‍රහයේ ‍ලේඛකයෙක් වූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබා සිටින චන්ද ගුරුසිංහ මහතාද උත්සව සභාව අමතා කතාවක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ මරණ දණ්ඩනය එල්ලවී සිටියදීත් විවිධ ජාවාරම් කරන අය එල්ලුම්ගහට යැවීමට සූදානම් වන අවස්ථාවේදී බන්ධනාගාරගතව දහම් මාවතේ යමින් පුනරුත්ථාපන වැඩසටහන්වලට සහභාගි වෙමින් සහ ධනාත්මකව සිතමින් ජීවිතයේ යහපැවැත්මක් ඇති කරගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ සලකා බලන ලෙසයි.
ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යවරිය සිය කතාවේදී ප්‍රකාශ කර සිටියේ වත්මනය වන විට බන්ධනාගාරය තුළ සිදුවන පුනරුත්ථාපන වැඩසටහනට සම්බන්ධව ආගමික හා චින්තනමය වශයෙන් ජීවිතය වෙනසක් ඇති කරගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ තම රජය සාකච්ඡා කරගෙන යන බවත් මෙලෙස නිදහස් කිරීම සඳහා අයත් වන පිරිස අතරට සංවිධානාත්මක අපරාධකරුවන් අයත් නොවන බවත්ය.
මෙම උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්ද එක්ව සිටියහ.

රුක්මාල් සිල්වා


gossip lanka