gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව ව්‍යාවස්ථාවකට දළ කෙටුම්පතක් එයි !

නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව පිළිබඳ දළ කෙටුම්පතක් ඉදිරි සතිය වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

මෙහෙයුම් කමිටුවේ අවසාන ව්‍යාවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් වන මෙහෙයුම් කමිටු සාමාජිකයන්ගේ සාකච්ඡාවලට පාදක කර ගත හැකිවන පරිදි මෙම ‘දළ ව්‍යාවස්ථා කෙටුම්පත’
සකස් කරනු ලබන්නේ නව ව්‍යාවස්ථාව පිළිබඳව විශේෂඥ මණ්ඩලය විසිනි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව හා අනු කමිටු වාර්තා පදනම් කරගෙන මෙම දළ කෙටුම්පත සකසන බව වාර්තා වේ.

මීට පෙර රැස්වූ මෙහෙයුම් කමිටුවේදී, නව ව්‍යාවස්ථා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළ කළ අදහස් ඇසුරින් සාකච්ඡා පත්‍රිකාවක් සකස් කරන්නැයි කමිටුව විශේෂඥ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

එහෙත් එවැන්නකට එහා ගොස් කෙටුම්පතක් සකස් කර ඉදිරිපත් කිරීමට දරණ උත්සාහයට විශේෂඥ මණ්ඩලයේ ද බෙදීමක් මතුව ඇති බව වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka