gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ කැලෑවකින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙයි

යාපනය මණියන්තෝට්ටම් ප්‍රදේශයේ කැලෑවක වළ දමා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 744 ක් ඇතුළු යුද උපකරණ තොගයක් සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පවසයි.

යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මණියන්තොට්ටම්හි පිහිටි කැලෑවක පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදු කරන ලද කැණීමකින් වළදමා
තිබූ අදාළ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 744 ක් සහ සේවානූල් තොගයක් සමඟ ඩෙටනේටර් 3 ක් තිබී හමු වී ඇත.

මෙසේ හමු වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය ඇතුළු යුද උපකරණ තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට බාරදීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගෙන තිබේ.

යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එම්.බී.ඉලංගසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර යාපනය පොලීසිය ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka