gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටෙලිනාට්‍යකරුවන්ගේ 14%ක රඳවා ගැනීමේ බද්ද අහෝසියි

නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී 14%ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබදව පවතින තත්ත්වය නිවැරදි කර, 14%ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යවරයා වෙත උපදෙස් දෙයි.

මේ අතර නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය
සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍රවල ඉදිරි ගමනට යම් බාධාවන් එල්ලවී තිබේ නම් අදාළ ආයතන සමග සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාමේ බව ප්‍රකාශ කළේ සිනමා, ටෙලිනාට්‍ය ඇතු`ථ අනෙකුත් කලා ක්ෂේත්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයින් ඇතුළු කලාකරුවන් පිරිසක් සමග අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණයේ යෙදීමේදී තමන්ට මුහුණදීමට සිදුව තිඛෙන ගැටලූ පිළිබ`ද මෙහිදී මෙම පිරිස දිර්ඝ වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

ඒ පිළිබ`ද අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර රජයේ නව බදු ප්‍රතිපත්තියට ද ගැටලූවක් ඇති නොවන අයුරින් මෙම ගැටලූ සඳහා සාධාරණ විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි.

ප්‍රතිපත්තියක් අනුවම දේශීය සිනමාව, ටෙලිනාට්‍ය කලාව ඇතු`ථ අනෙකුත් කලා ක්ෂේත්‍ර රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම රජයක් විසින් සිදුකළයුතු අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලූ තීන්දු තීරණ ගැනීමට වත්මන් රජය කිසිදු පසුබෑමකින් තොරව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 කලාවේ උන්නතිය වෙනුවෙන්

දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව රැක ගැනීම වෙනුවෙන් වත්මන් රජය යටතේ ගෙනයන පුළුල් වැඩපිළිවෙළ පිළිබ`දව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
දේශීය සිනමා කර්මාන්තයේ සහ ටෙලි නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබ`ද සොයා බැලීමට එම ක්ෂේත්‍රවල සියලූ අංශ නියෝජනයවන පරිදි කමිටු පත්කිරීමට ද ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මීට මාස කිහිපයකට පෙර කටයුතු කෙරුණු අතර එම කටයුතුවල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලු ජනාධිපතිවරයා අදාළ ඉදිරි වැඩපිළිවෙළ කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උසස් අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ෙජ්.ෙජ්. රත්නසිරි, මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් සහ සෝමරත්න දිසානායක, ධර්මසිරි බණ්ඩාරනායක, නාලන් මෙන්ඩිස්, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, දීපානි සිල්වා, චාන්දනී සෙනෙවිරත්න, ඉනෝකා සත්‍යාංගනී යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka