gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ට්‍රම්ප් සහ කිම් ජොං අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේදී ඇරඹෙයි - Video

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවුණා.

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කිරීම මෙන්ම උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර සාම ගිවිසුමකට එළඹීම
ඔවුන් අතර පැවැත්වෙන සාකච්ඡාවල මූලික අරමුණයි.

ඇමරිකානු ජනාධිපතිවරයෙකු තනතුර හොඹවමින් සිටියදී උතුරු කොරියානු නායකයෙකු හමුවන ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

ඔවුන් මෙලෙස සමුළුවකට එක්ව සිටින්නේ උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දැඩි උණසුම්කාරී වාතාවරණයක් පැන නැගීමෙන් අනතුරුවයි.

උතුරු කොරියාව ඇමරිකාවට එල්ල කළ හැකි මිසයිල අත්හදා බලද්දී, ජනපති ට්‍රම්ප් ඔවුන්ට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරන බවට ද තර්ජනය කළා.

කෙසේ නමුත්, උතුරු කොරියානු සමුළුවෙන් සාමය උදෙසා ඒකායන පියවරක් තැබිය හැකි බව ජනපති ට්‍රම්ප් දැන් කියා සිටිනවා.

ඔවුන් අතර සමුළුවේදී ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන්, ඔවුන්ගේ භාෂා පරිවර්තකයන් පමණක් එක් කර ගනිමින් විනාඩි 45ක පෞද්ගලික සාකච්ඡාවක ද නිරතවීමට නියමිතයි.

සමුළුව සඳහා සිංගප්පූරුව මෙතෙක් නොවූ විරූ ආරක්ෂක විධි විධාන යොදා ඇති බවයි එරට විදෙස් කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් කියා සිටියා.

ජනපති ට්‍රම්ප් සමුළුව නිමවා ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.30ට නැවතත් ඇමරිකාව බලා නික්මීමට නියමිතයි.

එහි සජීවී විකාශය පහතින්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka