gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලිඳුල සභාපති යළිත් රිමාන්ඩ්

අවුරුදු 5 ක දැරියක් පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තලවකැලේ - ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයෙකු ඇතුළු හතරදෙනෙකු මේ මස 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමෝදක ජයසේකර හමුවට අද (11 දා) ඉදිරිපත් කළ අවස්ථාවේදී සිය සේවාදායකයන්ට ඇප ලබාදෙන
ලෙස මොවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට පැමිණිලි පාර්ශවය විරෝධය පළ කළ අතර ඒ අනුව ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කළහ.

එමෙන්ම පැහැර ගැනීමට ලක් වූ දැරිය අද දිනයේ පියාට බාරදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ඔරලෝසුව ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කර තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ධූරයට පත්වූ අශෝක සේපාල සහ නාගරික මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක ඇතුළු හතරදෙනෙකු නුවරඑළිය පොලිසිය මගින් පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

2017 වසරේ ආගරපතන - පෝර්ට්මෝර් වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීම සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට පත්විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka