gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නවක වදය නිසා රුහුණු සරසවියේ පීඨ 5ක් වසයි

නවක සිසුවියන් සිවු දෙනකුට අමානුෂික ලෙස නවක වදය දීම සම්බන්ධයෙන් වහා සමාව ගත යුතු බවට උපකුලපතිවරයා කළ නියෝගයට එරෙහිව ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීහු නොසන්සුන් වීම හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ අංශ පහක් දින නියමයක් නොමැතිව වසා දමා ඇත. ඒ අනුව කළමනාකරණ පීඨය, ධීවර පීඨය, ශාස්ත්‍ර පීඨය, විද්‍යා පීඨය සහ තාක්ෂණ පීඨය වසා දමා තිබේ.

තාක්ෂණ පීඨයට අයත් ශිෂ්‍යාවන් සිවුදෙනකු
එළියකන්ද නේවාසිකාගාරයෙන් රැගෙන විත් නවක වදය ලබා දුන් බවට එහි උපශාලාධිපතිනිය කළ චෝදනාව මත මෙම අර්බුදය පැන නැඟී ඇත.

8 වැනි දින අලුයම 5.45ට සිසුවියන්ගේ කාමරවල දොරට තට්ටු කර ඔවුන් රැගෙන ගොස් මෙලෙස නවක වදය ලබාදුන් බවට චෝදනා කරමින් උපකුලපති ජ්‍යෙයෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සිසුන්ගේ මවුපියන් තමා ඉදිරියට ගෙන්වා තමාට සමාව ගන්නා ලෙස ලිඛිතව යොමු කළ බව ශිෂ්‍ය සංගමයේ තාක්ෂණ පීඨයේ සභාපති රුවන් නන්දසේන ශිෂ්‍යයා පවසයි.

එහෙත් තමන් වරදක් නොකර සමාව ගන්නේ කුමට දැයි පීඨාධිපතිවරයාගෙන් ලිඛිතව විමසූ බවත් පසුව එම ශිෂ්‍යාවන් නේවාසිකාගාරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා 9 වැනි දින උදෑසන රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.

අනතුරුව එම විරෝධතාව හේතුකොට ගෙන රුහුණ විශ්වවිද්‍යාලයට අයත් පීඨ පහක පන්ති තහනම් කර ඇතැයි පවසමින් සිසුන් පෙරේදා (10දා) සවස රුහුණ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය.

එහි දී අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බන්දුල දර්ශන මහතා පැවැසුවේ පාලනාධිකාරිය වසා දැමූ පීඨ වහා විවෘත කළ යුතු බවයි.

මෙම අවස්ථාවට තාක්ෂණ පීඨයේ සිසු සිසුවියන්ද එක්විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka