gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භූමි තෙල් 70 දක්වා අඩු කෙරෙන යෝජනාව, අද කැබිනට් මණ්ඩලයට

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව අද (12) මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා පහත දැමීමට නියමිතයි.

ඊට අදාළ යෝජනාව අද (12) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර,  ධීවර සංගම්වල නියෝජිතයන් සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අතර ඊයේ (11) සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ධීවරයින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70
දක්වා පහත හෙලීමට එකඟතාව පළ කර තිබෙනවා.

පසුගිය මැයි මස 10 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය කටයුතු කිරීමත් සමඟ රුපියල් 44ක්ව පැවති භූමි තෙල් ලීටරයක් රුපියල් 101 ක් දක්වා ඉහළ දැමුවේ රුපියල් 57කින්.

ඊට විරෝධය පළ කරමින් හලාවත, මීගමුව, බේරුවල ඇතුළු ප්‍රදේශ රැසක ධීවරයින් පසුගිය දින කිහිපයේම විරෝධතා ව්‍යාපාරයන් දියත් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka