gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොවිලේ සල්ලි මාලේ නිසා යාපනේ විරෝධයක්

පසුගියදා යාපනය නගරයට ආසන්නයේ පිහිටි ගණදෙවි කෝවිලක ගණදෙවි රූපය මුදල් නෝට්ටුවලින් අලංකාර කොට  පූජාවක් පවත්වා ඇති අතර එම පූජාවට පොලිසිය හා යාපනයේ ජනතාව විරෝධය පළකොට තිබේ.

කෝවිලේ ගණදෙවි රූපය ආරක්ෂා කොට නොමැතිව තිබියදී ඒ වටා එල්ලා තිබෙන මුදල් නෝට්ටු සියල්ලම සොරුන් විසින් පැහැරගෙන යනු
ඇතැයි යන බිය, විරෝධයට හේතු වී ඇත.

රුපියල් 50 සිට 5,000 දක්වා වූ මුදල් නෝට්ටු උපයෝගි කරගෙන ඒවායින් මල්මාලා සකසා ගණදෙවි රූපය අලංකාර කොට පූජාව පවත්වා තිබේ.

යාපනය පොලිසිය කෝවිලේ භාරකරුවන්ට පවසා ඇත්තේ ගණදෙවි රූපය ආවරණය වන පරිද්දෙන් ආරක්ෂක ක්‍රමයක් සකසා ගන්නා තුරු මේ මුදල් නෝට්ටු මල්මාලා සුරැකිව වෙනත් ස්ථානයක තබා ගන්නා ලෙසයි.
එහෙත් මේ දක්වා කෝවිලේ භාරකරුවන් ඊට උනන්දු වී නොමැත.

යාපනයේ කෝවිල්වල තිබූ පින් පෙට්ටි කිහිපයක්ම කඩා මුදල් සොරකම් කිරීම පිළිබඳව නිතර නිතර පැමිණිලි ලැබෙමින් පවතින අතරතුර හොරුන්ට ඉතා පහසුවෙන් මුදල් පැහැරගෙන යා හැකි ක්‍රමයක් සකස් කොට ඇතැයි යාපනයේ වැසියෝ කියා සිටිති.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka