gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ලැයිස්‌තුවෙන් පිට අයට ප්‍රාදේශීය සභා බෑ' - මැතිවරණ කොමිසම

පළාත් පාලන ආයතනවල සභික පුරප්පාඩු පිරවීමේදී තරග කළ පක්‌ෂයේ අපේක්‍ෂක ලැයිස්‌තුවට පිටින් කිසිවකු පත් කළ නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

යම් සභිකයකු මියගියහොත් හෝ ඉල්ලා අස්‌වුවහොත් එම හිස්‌වන පුරප්පාඩුවට අදාළ පක්‌ෂය එම පළාත් පාලන ආයතනය වෙනුවෙන් ඉදිරිපත් කළ අපේක්‌ෂක නාම යෝජනා ලැයිස්‌තුවේ පරාජිත අපේක්‌ෂකයකු හෝ සමානුපාතික ලැයිස්‌තුවේ කලින්
සභිකයන් ලෙස නම් නොකළ අපේක්‌ෂකයකු පත්කළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස්‌ එම්. එම්. මොහොමඩ් මහතා පැවැසීය.

යම් ආයතනයක පුරප්පාඩු ඇති වුවහොත් එම ආයතනයේ ප්‍රධානියා ඒ බව අදාළ දිස්‌ත්‍රික්‌ තේරීම් භාර නිලධාරියාට දැනුම් දිය යුතු අතර ඒ අනුව සුදුසුකම් ලත් පුද්ගලයකු අපේක්‌ෂක නාම ලේඛන දෙකෙන් තෝරා නම් කර එවන ලෙස පුරප්පාඩුව පවතින පක්‌ෂයේ ලේකම්වරයාට තේරීම් භාර නිලධාරිවරයා විසින් දන්වනු ලබන බවද හෙතෙම කීය.

මීට පෙර පැවැති මනාප ඡන්ද ක්‍රමයේ මෙලෙස සීමාවන් පනවා නොතිබිණි.

(දිවයින)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka