gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරිවෙහෙර විහාරාධිපති හිමිට තවත් සැත්කමක් (update)

වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් හට ඊයේ (13) රාත‍්‍රියේ තවත් සැත්කමක් සිදු කර තිබෙනවා.

ඒ, උන්වහන්සේ මේ වනවිට ප‍්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලේදීයි.

රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ
උන්වහන්සේගේ සිරුර තුළ උණ්ඩ කැබලි කිහිපයක් තිබූ බැවින් මෙම සැත්මක සිදු කළ බවයි.

වෙඩි ප‍්‍රහාරයකට ලක්වීමෙන් පසු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කෙරුණු උන්වහන්සේ වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ද කිරිවෙහෙර නාහිමියන්ට පැය 5 ක ශල්‍යකර්මයක් සිදු කළා. උන්වහන්සේ ඊයේ (13) පස්වරුවේ කොළඹට රැගෙන ආවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින්.

නාහිමියන් සහ තවත් හිමි නමක් පෙරේදා (12) රාති‍්‍රයේ මෙම වෙඩි ප‍්‍රහාරයට ලක් වුණේ ආගමික වතාවත්වල නිරතවී කිරිවෙහෙර උඩ මළුවේ සිට වැඩම කරමින් සිටියදීයි. වෙඩි තැබීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ තිබූ අතර ඔවුන් පැමිණි සුඛෝපභෝගි ජීප් රථය කතරගම පුදබිම ආසන්නයේ දමා ගොස් තිබියදී පසුව සොයා ගැණුනා.

පොලිසිය ඊයේ පස්වරුවේ පැවසුවේ වෙඩි තැබූ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු මහසෙන් දේවාලයේ ප‍්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයා වන අසේල බණ්ඩාර බවයි. ඔහුගේ නිවසේ තිබී ජීව පතරොම් 10ක් සහ තවත් තියුණු ආයුධ සොයා ගැණුනා. ඔහු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka