gossip lanka

මධ්‍යම කඳුකරයට කාලගුණ අනතුරු ඇඟවීමක්

මධ්‍යම කඳුකරයට ඇද හැළෙන වර්ෂාපතනයත් සමඟ පස්කදු කඩා වැටිමේ අවදානමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරණ අංශය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

ගෙවී ගිය පැය 48 ක කාලය තුළ මධ්‍යම පළාත තුළ ස්ථාන කිහිපයකම පස්කදු කඩා වැටිම් සහ ගල් පෙරළිම් සිදුව ඇති බව වාර්තා වෙයි.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ
හපුතලේ හල්දුමුල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඩා වැටිම් සිදුව ඇති බවට වාර්තා වෙයි.

හපුතලේ බෙරගල,බදුල්ල ඇල්ලවැල්ලවාය මාර්ගයේ මෙම පස් කඩා වැටිම් සහ ගල් පෙරළිම් සිදුව ඇති බව  පවසයි.

මේ තත්ත්වයත් සමඟ එම ප්‍රදේශයන්හි මාර්ගවල ගමන් කිරිමෙදි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකර අංශ ජනතාවගෙන් ඉල්ලිමක්  කරයි.

මේ  අතර හපුතලේ මාර්ගයේ ස්ථාන කිහිපයක පවතින අධික මීදුම් සහිත තත්ත්වයක් හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබේ.



gossip lanka