gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රාදේශීය සභා සභාපතිගෙ පුටුව උස්සයි

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පළමු සභාවාරය ඊයේ(02) දින පෙරවරුවේ පැවැති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු කළුපටි සහ වෙස් මුහුණු පැළැඳ සභාවට පැමිණියහ.

මොවුන් සභාව තුළ කලහකාරි ලෙස හැසිරිම හෙතුවෙන් සභාව පැය භාගයකට කල් දමා නැවැත ආරම්භ කළද නැවැතත් සභාපතිවරයා සභාවේ න්‍යායපත්‍රය නීති විරෝධී බව පවසමින්  සභාපතිවරයා
විසින් සභාව මෙම මස 28 දක්වා කල් දැමීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්. උඩවත්ත මහතා,

"මම නීත්‍යානුකුලව පසුගිය 06 වෙනිදා උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරිය ඉදිරිපිට  ජන්ද 18ක් ලබා ගනිමින්  පත් වූ සභාපති. නමුත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කියනවා මම නීයානුකූල නෑ කියලා. ඒක එහෙම වෙන්න බෑ. කොමසාරිස්වරිය ඉදිරිපිට තෝරාපත් කරගත් සභාව සහ සභාපතිවරයා ඇතුළු නිල මණ්ඩලය නීත්‍යානුකුල බව පවසා ගැසැට් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභාපතිකම ගන්න බැරිවුණ නිසා තමයි සභාව කරගෙන යන්න දෙන්නේ නැත්තේ. නමුත් අපිව පත් කලේ මහජනතාව වෙනුවෙන් වැඩ කරන්න. ඒ නිසා අපි ඉදිරියට ප්‍රදේශයේ දියුණුවට කටයුතු කරනවා යැයි" කීය.

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන  සොමරත්න පතිරාජ මහතා,

"අප්‍රේල් මාසයට අදාළ රැස්වීම මේ මාසේ කැදවන්න සභා පනතට අනුව බෑ. දෙවැනි එක තමයි පනතට අනුව සහ රිති ප්‍රකාශයට විරුද්ධව තමයි මේ ප්‍රාදේශීය සභා රැස්වීම කැදවලා තියෙන්නේ. අනිත් ප්‍රශ්නය තමයි මේ සභාපතිවරයාට නිත්‍යානුකුල අයිතියක් නෑ. ඒකට හේතුව තමයි සභාවේ මුඑ මන්ත්‍රීන් ගණන 33යි. එයින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ජන්දය දීමෙන් වැළකි සිටියා.  ඉතිරි වන්නේ මන්ත්‍රීවරු 31 යි. නමුත් ඡන්දය ප්‍රකාශ කර ගණන් කිරීමේදී ඡන්ද 43ක්  ලෙස  කොමසාරිස්වරයා ගණන් කළා. එහෙම වෙන්නේ කොහොමද? ඒ නිසා මේ සභාපතිවරයා තේරීම කොමසාරිස්වරිය හිතාමතාම කරපු නොහොබිනා ක්‍රියාවක් කියලා තමයි අපි කියන්නේ. ඒ අනුව මේ සභාවත් සභාපතිවරයා තෝරාපත් කර ගැනිමත් ගැසට් කිරීමත් නීත්‍යානුකූල නොවන බව අපි කියනවා. ඒ නිසා අපි සභාව කල් දැමිමට කටයුතු කළා.  අද දවසේ ගන්නා තීන්දු තීරණ හෙට දවසේ අධිභාරයකට ලක් වුවහොත් මේකට අත ඔසවපු සියලු දෙනාම ගේන්න වෙනවා. ඒ නිසා නීත්‍යානුකුල සභාපතිවරයෙක් පත් කරන තුරු ලේකම්වරියටවත් කොමසාරිස්වරියටවත් සභාව පවත්වන්න අපි ඉඩ දෙන්නේ නැතැ"යි කීය.

සභාපතිවරයා සභාව අමතන අතරතුර සභාපතිවරයාගේ සභාපති අසුන (පුටුව)  පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු විසින් ඔසවාගෙන සභාවෙන් එළියට රැගෙන ගිය අතර පොලිසිය මැදිහත් වීමෙන් නැවැත සභාපති පුටුව  සභාපතිවරයා ලබා දීමට කටයුතු කළේය.

කෙසේ නමුත් සභාපතිට එරෙහිව ඇතැම් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුද  සිය විරෝධය දක්වන අයුරු දක්නට ලැබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka