gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ හය හමාරක් නඩු ගොඩගැහිලා - තලතා

මෙරට විසදීමට පවතින නඩු ප්‍රමාණය හය ලක්‌ෂ පනස්‌ දහසක්‌ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

එබැවින් ප්‍රමාද වූ නඩු කඩිනම් කිරීම සඳහා ස්‌වයංක්‍රීයව ක්‍රියාත්මක වන ක්‍රමයක්‌ සකස්‌ කරන බවත්, පැරණි ක්‍රමය මේ වසර ඉවත් කරන බවත්
අමාත්‍යවරිය කියා සිටී.

රටේ ජනගහනයට අනුව ජනගහනය වැඩි ප්‍රදේශවල අවශ්‍යතා අනුව උසාවි සංකීර්ණ  ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් බලංගොඩ ප්‍රදේශය තුළ පොලිස්‌ බල ප්‍රදේශ 7 ක්‌ පවතින අතර, එය ඉලක්‌ක කර ගනිමින් උසාවි සංකීර්ණ 2 ක්‌ ආරම්භ කරන බවද ඇය පැවසුවාය.

මේ අතර ඉදිරි කාලයේදී රත්නපුරේ තවත් මහාධිකරණ සංකීර්ණයක්‌ ඉදිකරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka