gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පිටුදැකීමට ජපානයෙන් ණය ආධාර

ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන සඳහා වන ව්‍යාපෘති නොවන ණය ආධාර වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 102ක (දළ වශයෙන් රුපියල් මිලියන 149ක) වටිනාකමකින් යුතු උපකරණ ප්‍රදානය කර ඇත.

ඒ,මෙරට ගුවන්තොටුපොල ආශ්‍රිත ත්‍රස්තවාදය පිටුදැකීමට සහ මහජන ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය ශඛ්‍යතාව වැඩි දියුණු කිරීමේ අරමුණිනි.

මෙම උපකරණ ප්‍රදාන උත්සවය  2018 මැයි 14 වන
දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙන්ඉචි සුගනුමා මහතාගේ හා මහා මාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී සිදු කෙරිණි.

මේ යටතේ ත්‍රස්තවාදය පිටුදැකීමට හා  මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ගිලන් රථ, ද්‍රවීය පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂක උපකරණ, ගුවන් සේවකයින් රැගෙන යන රථ, Aviation band VHF transceiver උපකරණ හා වසංගත රෝග පැතිරෙන අවස්ථාවලදී ශරීර උෂ්ණත්වය මැනීමට අවශ්‍ය උපකරණ යනාදී ගුවන් සේවා අංශයට වැදගත් වන උපකරණ රාශියක් ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමට ලබා දෙන ලදී.

ආධාර හා තාක්ෂණික සහයෝගිතාව වෙනුවෙන් ප්‍රතිසම්පාදන සේවා සැපයීමේ මූලිකත්වය ගන්නා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා මණ්ඩලය (JICS) මේ අවස්ථාවට සහභාගි විය.

මෙම ව්‍යාපෘතිය තුළින් රටේ ත්‍රස්තවාදය මැඩලීමට හා මහජන ආරක්ෂාව තරකිරීමට අවශ්‍ය ශඛ්‍යතාව වැඩිදියුණු කිරීමෙන් ගුවන් තොටුපොල භාවිතා කරන මගීන්ට වඩාත් වැඩි ආරක්ෂාවක් ලබාදීමට හැකියාවක් ලැබෙනු ඇත. එමෙන්ම මෙය ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට රුකුලක් වෙනු ඇතැයි ජපන් රජය බලාපොරොත්තු වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka