gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් ගුරුවරියක් කපා දමයි.. පෙම් පලහිලව්වක්…

යාපනය කොකුවිල් ප්‍රදේශයේදී ඊයේ (30) සවස තියුණූ ආයුද වලින් පාසල් ගුරුවරියක් කපා දමා ඇතයි යාපනය පොලීසිය කියා සිටියේය.

අදාල පාසල් ගුරුවරිය කිලිනොච්චිය ධර්මපුරම් පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරන අතරම නිවාඩුව හේතුවෙන් යාපනයේ පිහිටි නිවසට පැමිණ තම මව සමග සිටියදී ඊයේ සවස තියුණූ ආයුධ සමග
පැමිණි තරුණයින් දෙදෙනෙකු විසින් එම ගුරුවරියට පහර දී ගුරුවරියගේ කොණ්ඩයද කපා දමා යතුරු පැදියකින් පලා ගොස් ඇති බවට පොලීසි මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අදාල පහරදීමෙන් 34 හැවිරිදි විජිත් විමලරාජා විමලනී නැමති පාසල් ගුරුවරිය බරපතල තුවාල සිදු වී යාපනය ශික්ෂණ රෝහල වෙතට ඇතුලත් කොට ඇති අතර පහර දීමට හේතුව වශයෙන් මේ වන විට තොරතුරු අනාවරනය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක නිසා ඇති වූ හිත් අමනාපයක් බවටය.

මේ අතර අදාල පහරදීමෙන් පසුව පහර දීමට පැමිණි තරුණයින් දෙදෙනා යතුරු පැදියෙන් පලා යමින් සිටි අවස්ථාවේදී අසල පිහිටි සී.සී.සී.ටීවි කැමරාවක සටහන් වී ඇති අතර ඔවුන් පැමිණි යතුරු පැදියේ අංකය වී ඇත්තේ බී.ඊ.එෆ්. 7987 වන අතර එම දර්ශන ඔස්සේ එම තරුණයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka