gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

OT ඉල්ලා වෛද්‍ය වැඩ වර්ජනයක්..

උතුරු පලාත් සභාවට අයත් සියලුම රෝහලහි වෛද්‍යවරුන් විසින් ඊෙය  (14) දින එක්දින වැඩ වර්ජනයක් පැවැත්වූ බවට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වවුනියාව වෛද්‍ය සංගමයේ ලේකම් එස්.තිරුවේකරන් වෛද්‍යවරයා කියා සිටියේය.

උතුරේ වෛද්‍යවරුන් කියා සිටියේ උතුරු පලාතේ පිහිටි යාපනය ශික්ෂණ රෝහලේ හැරෙන්නට උතුරේ පිහිටි අනෙකුත් සියලුම රෝහල් වල සිටින
වෛද්‍යවරුන් වෙනුවෙන් මාස 5 ක කාලයක් පුරාවට උතුරු පලාත් සභාව මගින් ගෙවිය යුතු අතිකාල දීමනාව මෙතෙක් ලබා නොදීම හේතුවෙන් තමන් වැඩ වර්ජනය කළ බවටයි.

යාපනය ශික්ෂණ රෝහල මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වන අතරම දිවයිනේ අනෙකුත් පලාත් සභා වලට අයත් රෝහල් වෛද්‍යවරුන්ට අතිකාල දීමනාවන් ලැබුනද උතුරු පලාතේ කිසිදු වෛද්‍යවරුයෙකුට මාස 5 ක කාලයක් පුරාවට අතිකාල දීමනාව ලබා දීමෙන් උතුරුපලාත් සභාව මගහැර ඇති බවටයි.

මෙම තත්වය ඉදිරියටද පැවතිය හොත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා කොට අඛන්ඩ වැඩ වර්ජනයකට පිවිසීමටද පියවර ගන්නා බවට උතුරේ වෛද්‍ය වරුන් වැඩි දුරටත් කියා සිටියහ.

උථුරු පලාතේ සියලුම රෝහලහි හදීසි ඒකකයන් පමණක් ක්‍රියාත්මක කෙරුනු අතර සාමාන්‍ය ජනතාවට ප්‍රතිකාර නොමැතිවීමේ අසීරුතවයන්ට පත්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka