gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වට්ටක්කා ගන්න භාණ්ඩාගාරෙන් ලක්ෂ 50 ක්

මේ වන විට විකුණා ගත නොහැකිව තිබෙන වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි මහා භාණ්ඩාගාරය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා දී ඇත.

මෙම මුදල් මේ වන විටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් වෙත ලබාදී ඇති අතර  වට්ටක්කා අස්වනු මිලදී ගෙන සුදුසු පරිදි වෙ‍ෙළඳපොළට නිකුත් කිරීමේ
වැඩ පිළිවෙළක් අරඹන ලෙස අමාත්‍යංශය එම නිලධාරීන්ට උපදෙස් දී ඇත.

තම අස්වනු අළෙවි කර ගැනීමට නොහැකි වුවහොත් වට්ටක්කා ගොවීන් අකර්මන්‍ය වීමට ඉඩ ඇති නිසා මේ මොහොතේ ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන හෙයින් තමා භාණ්ඩාගාරයෙන් මෙම මුදල ඉල්ලා සිටි බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

වගා කටයුතුවලදී ගොවින් වෙ‍ෙළඳපොළ සහ කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළ අදාළ වගා කටයුතු සඳහා යොමු කිරීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගතයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඇමතිධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (08) එහි ගිය අවස්ථාවේ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ පැමති සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව පැවසිය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් බී. විජේරත්න සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. බී. විරසේකර යන මහත්වරුද සහභාගී වුහ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka