gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මලයාසියානු අගමැතිට රටින් පිටවීම තහනම් කරයි !

මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර ඇතැයි එරට ආගමන විගමන බලධාරීන් අද (12) නිවේදනය කළේය.

ඒ, හිටපු අග්‍රාමාත්‍යවරයා පවුලේ සාමාජිකයින් සමග ඉන්දුනීසියාවේ ජකර්තා නුවර වෙත සංචාරයක් සදහා පිටව යාමට නියමිතව තිබියදීය.

වසර 2015 දී රාජ්‍ය ආයෝජන අරමුදලින් ඩොලර්
මිලියන 700 කට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

පසුගිය බදාදා පැවති මලයාසියානු මහ මැතිවරණයෙන් නජීබ් රසාක් පරාජයට පත් වූ අතර 92 හැවිරිදි මහාතීර් මොහොමඩ් එරට නව අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

මලයාසියානු නව අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කර රටට අහිමි වූ මුදල් අත්කර ගන්නා බවය.

හිටපු අග්‍රාමාත්‍යවරයා රටින් බැහැරවන බවට ලද තොරතුරත් සමග ඊට විරෝධය පල කරමින් පුද්ගලයින් සිය ගණනක් ක්වාලාලම්පූර් නුවර සුල්තාන් අබ්දුල් අසීස් ෂා ගුවන්තොටුපොළ අසලට රැස් තිබේ.

ඔවුන් ගුවන් තොටුපොළ දෙසට මෝටර් රථ ඇතුළු වීම අවහිර කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka