gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් කෘෂි ඇමතිගෙන් තද නීතියක්

බස්නාහිර පළාතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට මේ වනවිට කුඹුරු ගොඩ කිරීමට අවසර ඉල්ලා අයැදුම්පත් තුන්දහසක පමණ සංඛ්‍යාවක් ලැබී තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.

නව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සිය රාජකාරි අරඹමින් මහින්ද අමරවීර මහතා පසුගිය දිනෙක බස්නාහිර පළාත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ එහි නිලධාරීන් මේ තොරතුරු අමාත්‍යවරයා හමුවේ අනාවරණය කර තිබේ.

මෙහෙම ගියොත් බස්නාහිර පළාතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට සිදුවේවි යැයි පවසමින් මේ සඳහා වහාම මැදිහත් වන්නැයි එම නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ කෙරෙහි අවධානය යොමු කරමින් අමාත්‍යවරයා කිසිදු අධ්‍යයනයකින් තොරව කුඹුරු ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස තරයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka