gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගැහැණු ළමුන් 4ක් ළමා නිවාසෙන් පනියි

බණ්ඩාරගම අටුලුගම ළමා නිවාසයකින් පලා යමින් සිටි ගැහැණු දරුවන් සිව්දෙනකු ඊයේ (03දා) අලුයම පොලිසිය භාරයට ගත් බව මොරන්තුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසම්පත් රණසිංහ මහතා පවසයි.

එම ගැහැණු ළමයින් අතර වයස අවුරුදු ‍දොළහ, දාහතර හා පහළොව වයස් සීමාවල දැරියන් තිදෙනකු
හා දහඅට හැවිරිදි තරුණියක වන බව පොලිසිය කියයි.

ස්ථානාධිපති ජයසම්පත් රණසිංහ මහතා ඇතුළු නිලධාරින් ඊයේ (03දා) අලුයම මොරන්තුඩුව පොලිස් බල ප්‍රදේශයේ අපරාධ වැළැක්වීමේ රාජකාරියේ යෙදී සිටියදී ගමන් බෑග් අත දරාගෙන ගැහැණු ළමුන් සිවු දෙනකු ගෝනදුව ප්‍රදේශයේ ගමන් කරනු දැක ජීප් රථය නවතා ප්‍රශ්න කිරීමේදී අටුලුගම ළමා නිවාසයක සිටි ළමුන් බවට අනාවරණය වී ඇත.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම ළමා නිවාසයෙන් නිසි අධ්‍යාපනයක් ලබා නොදීමෙන් නවාතැන් ගෙන සිටින අනෙකුත් ළමුන්ගෙන් එල්ල වන තාඩන පීඩන හේතුවෙන් හොර රහසේ ඇඳුම් පැලඳුම් රැගෙන පලා ආ බවට ප්‍රකාශ කර ඇත. එම දැරියන් සිවුදෙනා අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දැරියක්ද සිටින බව පොලිසිය කියයි.

ළාබාල වයසේ පසුවන දැරියන් තිදෙනා හා දහ අට හැවිරිදි තරුණිය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා ඊයේ (03දා) ඔවුන් සිවුදෙනා බණ්ඩාරගම සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට යොමුකළ බව පොලිස් නිලධාරියා පැවසීය.

මොරන්තුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසම්පත් රණසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka